ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා ශිල්ප

Tuesday, May 1, 2012

අ‍‍‍ශෝක රජු සමයේ සිට පැමිණ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් නව ජීවයක් ලැබු හෙළ කලා ශිල්ප ඉන් පසුව ලක්දිව රජවු රජ දරුවන්ගේ වීරබාහු තුලින් ඔපවත් වී ගොඩනැගුනි.ඒ අනගි කලා දායාද අද පවා හෙළ කලාකරුවන්ගේ සුවිශේෂ නිපුනත්වය ලොවට හඩගා කියාපාන නිහඩ සාක්ෂිව පවතින්නේය.


(1)අනුරාධපුර යුගය

පෙර අපේ රජදරුවන්ගේ නිර්මාණශීලී බ‍වෙහි ස්වර්ණමය යුගය වු අනුරාධපුර යුගය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සිරිලක කලා නිර්මාණවල ආරම්භක යුගය ‍‍‍‍‍‍‍‍‍යැයි සැලකිය හැක. ‍‍‍ලාංකික කලාකරුවා‍‍‍‍‍‍‍ගේ නිර්මාන තුලින් බිහිවු ‍‍‍‍‍‍‍‍‍‍ ‍‍‍විශිෂ්ට නිර්මාණයක් වන අනුරාධපුර බි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සෝ මාලිග‍‍‍‍‍‍යේ සදකඩපහන අදද අ‍‍‍පේ ‍‍‍‍‍සිත් පහන් කරවන මනරම් දසුනකි. ක‍‍‍‍‍‍‍‍‍‍ඨෝර ගලක ඉතා සියුම් ‍‍‍ ‍‍‍ලෙස ගැඹුරට කැටයම් කර ඇති අඩ පියුමකි.ඵ් වටා කවාකාර පටිවලින් ලියවැලක්ද, හංස ‍‍‍‍‍‍‍‍‍පේලියක්ද නැවත ඵවැනිම විසිතුරැ ‍‍‍‍‍‍ලියවැලක්ද ඵකි‍‍‍‍‍‍නෙකා පිටුපස ව‍‍‍‍‍‍මේ සිට දුවන ඇත්, අස්, ගව, සිංහ ‍‍‍‍‍‍පේලිද අවසාන‍‍‍‍‍‍යේ මනරම් ගිනිදැල් මාලාවක්ද දක්නට ලැ‍‍‍බෙයි. අනුරාධපුර සම‍‍‍‍‍‍‍‍‍යේ විසු ලක්දිව බුදුසමය වැලදගත් පළමු නරපතියා වන ‍‍‍‍‍‍‍‍‍ ‍‍‍දෙවන පෑතිස් නිරිඳුන්‍‍‍‍‍‍ගේ කලා දායාදයක් වන ඉසුරැමුනි ‍‍‍‍‍‍පෙම් යුවල ‍‍‍‍‍‍අද අ‍‍‍‍‍‍පේ කලා ශිල්ප අතර වැදගත් තැනක් ගනී.

කි.පු.4 වන සියව‍‍‍‍‍‍‍‍‍සේ තැනු ‍‍‍‍‍‍මෙය ඉසුරුමුනි විහාරයට අයත්ව ඇත.ඉතා වටිනා ගල් කැටයමක් වන ‍‍‍මේ ‍‍‍‍‍‍පෙම් යුවල ලෝකවාසී කලාකාමීන්‍‍‍‍‍‍ගේ ගෞරවයට ලක් වී ඇත.මීට අමතරව අනුරාධපුර‍‍‍යේ ‍‍‍‍‍‍‍විශිෂ්ට කලා නිර්මාණ ‍‍‍ ‍‍‍‍‍‍ලෙස අනුරාධපුර යුග‍‍‍‍‍‍යේ මැද භාග‍‍‍යේ ඉදිවු කුට්ටම් ‍‍‍‍‍‍‍‍පොකුණ, සමාධි පිලිමය, මිහින්ත‍‍‍ලේ කණ්ඨක ‍‍‍‍‍‍‍‍‍‍‍‍චෛත්‍යයේ වාහල්කඩ මුල් තැනක් ගනී. ඉතා අලංකාර චිත්‍ර සමූහයකින් සමන්විත ලොව viii වැනි පුදුමය ලෙස සැලකෙන කාශ්‍යප රජු තැනූ සීගිරිය අපේ හෙළ කලාදායාද වල අපූර්වතම නිර්මාණයකි. අව් වැසි වලින් ආරක්ෂා වන ලෙස ඇද ඇති මෙම චිත්‍ර ඉන්දියාවේ අජන්තා ලෙනෙහි දක්නට ඇති සිතුවම් වලට සමානය



(2)පොලොන්නරු යුග‍ය


මුලු රටට සශ්‍රීකත්වයේ සංකේතයක් බවට පත් කළ,දහසක් වැව් බැදි රජරට පෝෂණය කල පොලොන්නරුව යුගය කලා ලොවට දුන් දායාද ඉමහත්ය.ඵ් අතර පොලොන්නරුවේ විසූ 1 වන පරාක්‍රමබාහු නිරිදුන්ගේ අනුගහය යටතේ ඉදිකල උත්තරාරාමය හෙවත් ගල් විහාරය වැදගත්ම අංගයකි. බුදුන් වහන්සේගේ හිටි පිළිමයක්,හිදි පිළිමයක් හා සැතපෙන පිළිමයක් ලෙස මෙය සමන්විතය. ස්වභාවික කළුගල් පර්වතයක් විශ්මිත බුදුපිළිම තුනක් බවට පත් කිරීමට හෙළ කලාකරුවාගේ රන් දෑත කොතරම් සියුම් ලෙස හසුරැවා ඇත්ද යන්න දැන ගැනීමට අපට තවත් සාක්ෂි අවශ්‍ය නැත.ඵතරම් අපගේ හෙළ කලා දායාද නිර්මාණශීලීය.පොලොන්නරු යුග‍යේ ඉදිවූ තවත් කලා අංගයක් වන තිවංක පිළිම ගෙයද වැදගත් ස්ථානයක් ගන්නා කලා නිර්මාණයකි.බොකු වහලයකින් යුක්ත මෙය බුදු පිළිම තැන්පත් කිරීමට යොදාගෙන ඇත.මෙය අලංකාර කැටයම් මූර්ති රාශියකින් යුක්තය.සිව හා පාර්වතී ලෝකඩ පිළිමද පොලොන්නරු යුග‍යේ වැදගත් නිර්මාණ වේ.තවද නිශ්ශංකමල්ල රජුගේ දම්සභා මණ්ඩපය වන නිශ්ශංකලතාණ්ඩපයද,පොලොන්නරු යුග‍යේ වැදගත් ස්ථානයකි.මෙහි ඇති කුළුණු මත අඩක් පිපුණු නෙළුම් මල්,ලියවැල් ,හා පලාපෙති අලංකාර ලෙස කැටයම් කර ඇත.පොලොන්නරු යුග‍යේ තවත් නිර්මාණ ලෙස ශිව දේවාලය, ලංකාතිලක විහාරය හැදින්විය හැක.දඹදෙණි යුග‍යේ සිට කෝට්ටේ යුගය දක්වා කලාශිල්ප අනුරාධපුර පොලොන්නරු කලාශිල්ප වලට වඩා වෙනස් කමක් ගත්තේය.ඊට හේතුව රාජධානි නිතර නිතර මාරැවීම හා හින්දු ආගමික බලපෑමය.



 
(3)දඹදෙණි යුගය

දඹදෙණි යුගයේ කලා නිර්මාණ ලෙස අද ඉතිරිව ඇත්තේ ඉතා සුළු කොටසකි.ඵ්වා අතර තුන්වන විජයබා රජ විසින් තනවන ලද ‍බෙලිගල දළදා මැදුර , රාජ මාලිගය හා විජය සුන්දරාරාමය වැදගත්ය.මේවායේ ඉතා වටිනා මූර්ති කැටයම් හා බුදු පිළිමද ඇත.



(4)යාපහුව යුගය

ගල් කුලක් කපා ඉදිකල දර්ශනීය පියගැටපෙළක් වන යාපහුව පියගැටපෙළත් අභීත, ලෙස සිංහලකම කියාපාන යාපහුවේ සිංහයාත් හෙළ කලාකරුවාගේ සුවිශේෂත්වය ලොවට කියාපායි.
යාපහුවේ සිංහයා හෙළ කලාශිල්පවල වැදගත් මෙන්ම නිර්මානශීලී දායාදයකි.



(5)කුරැණෑගල යුගය

දෙවන බුවනෙකබාහු රජතුමාගේ පුරවරය වන කුරැණෑගල රාජධානියේ අපට ඉතිරිව ඇති කලා නිර්මාණ ප්‍රමාණය ඉතා කුඩාය.ඵ් අතර තොටගමුවේ විජයබා පිරිවෙන, විදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන වැදගත් වේ.මෙම ස්ථාන දෙකෙන් බුවනෙකබා රජකාලයේ තිබූ බුදු පිළිම වර්ග
කිහිපයක් හා විශේෂ කලා නිර්මාන කිහිපයක් පමණක් අද අපට ඉතිරිව ඇත. වැසී පැවති විදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන 1999 වර්ෂයේදී යලිත් ආරම්භ කර ඇත.

(6)ගම්‍‍පොළ යුගය

ගඟසිරිපුරවරය නොහොත් ගම්‍‍පොළ රාජධානියේ කලා ශිල්ප නව ආරක් ගත් නම්‍යශීලී බවක් ඉසිලුවේය. ලංකාතිලක විහාරය හා ගඩලාදෙනිය විහාරය වැනි සුවිශේෂ විහාර කිහිපයක් ගම්පළ යුගයට අයත්ව ඇත. 1v වන බුවනෙකබාහු රජුගේ අනුගහය යටතේ තැනුණ අතර අද ද අපේ අනන්‍යතාවය කියාපායි. මීට අමතරව හෙළ වඩුවාගේ දෑතින්ම නිමවූ අලංකාර ලී කැටයම් රාශියකින් ගහන ඇම්බැක්කේ දේවාලය අතීත සිංහල වඩුවාගේ අගය අපට පෙන්වා දෙයි. හංස ජෝඩු
,ඇත් පොරය , නාටිකාංගනාවන් ආදී ලංකාවේ දුර්ලභ කැටයම් රාශියක් මෙහි දක්නට ඇත.

(7)කෝට්ටේ යුගය

ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන සෞභාග්‍යමත් යුගයක් වන කෝට්ටේ යුගයේ පාලකයා වුයේ V වන පරාකමබාහු රජතුමාය. නිශ්ශංක අලගක්කෝනාර නැමති සෙන්පතියා විසින් තනන ලද කෝට්ටේ බලකොටුව හා සුනේත්‍රාදේවි පිරිවෙන කලාකෘතීන්ගෙන් පිරී ඇති ස්ථානයන්ය. මෙසේ ශ්‍රී ලංකාවේ දස දෙසින් පිහිටා ඇති ඉපැරණි කලා දායාද ‍බොහෝය.


පුනරුදය


පුනරුදය යන්නේහි තේරුම ‘නැවත උදා වීම’ යන්නයි. මුල් කාලයේ ග‍්‍රීක රෝම ශිෂ්ටාචාර ලොව ප‍්‍රධාන සංස්කෘතින්ට අයත් ව තිබූ බව පිළිගැනිණි. කල් යාමේ දී මෙම ශිෂ්ටාචාරවල තිබූ සංස්කෘතික අංග, සාහිත්‍ය, චිත‍්‍ර කලාව, මූර්ති ආදියෙහි වටිනාකම් නැති වී ගොස් ඒ පිළිබ`දව තිබූ උනන්දුව ක‍්‍රමයෙන් අඩු විය. නමුත් යුරෝපයේ මධ්‍ය කාලීන යුගයේ දී මෙම යටපත් වී තිබූ ග‍්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල නැවත උදාවක් දක්නට ලැබුණි. මෙම නැවත උදාව පුනරුදය ලෙස සමහරු විග‍්‍රහ කරති. සම කාලීන යුරෝපයේ බොහෝ රටවල ඇති වූ සංස්කෘතික, දේශපාලන, සමාජයීය, ආර්ථික, විද්‍යාත්මක සහ ආගමික ආදී සෑම අංශයක් තුළම ඇති වූ යළි උදාව පුනරුදය ලෙස අර්ථ දැක්වීමට ඉතිහාසඥයෝ පෙළැඹෙති.   

ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

වැවේ ප්‍රභවය

කිසියම්‍ පහත් කඳු වැටියක කපොල්ලක් තුළින් ගංගා,ඇළ,දොළ,පිහිටා තිබු අතර ඒ කපොල්ල වසා වේල්ලක් බැඳ ඒ කඳුවැටියෙහි නෙරුදෙක ඵකට සම්බන්ධ කරමින් පැරණි සිංහලයෝ වැව් නිර්මාණය කළහ.


වාරි කර්මාන්තයේ විකාශනය

ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්‍රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දැක්වේ. වාරිමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරු සමඟ අනුරාධ ඇමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතින් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය.
  • මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය
  • වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය
  • අඹන් ගග සහ මහවැලි නදී පද්ධතිය
රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඹය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වූ වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධවෑව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වැදගත්ය. කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවෑලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය ව්ය. 1වන අග්ග‍බෝධ් රජු මහවැලි ගඟ මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවෙන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවැලි ගගේ ශාඛාවක් වූ කඵ ගග හරහා හත්තොට අමුණ බැඳීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුඹුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත.

වැව් වර්ග

1.ගම් වැව්
2.මහ වැව්
3.කුළු වැව්


වැවක අංග





1.ඉහත්තාව

2.තාවුල්ල


3.පිට වාන


4.වැවු (ජල) තලය


5.බිසෝ කොටුව


වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි.බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.



  • 1.වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්
  • 11.ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
  • 111.ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.

සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යයි


6.ඇළ
වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත.
  • 1.වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.
  • 11.ගගක් හා ඹයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය
  • 111.බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය

ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.



7.වෑ කන්ද (වැව් බැම්ම)
වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි.

8.සොරොව්ව / බිසෝ‍‍කොටුව

 
වැවේ ජලය මනා පාලනයකින් යුතුව ඇළ මාර්ග වලට මුදා හැරීම සඳහා යොදා ගන්නේ මෙයයි. සොරොව් වර්ග 03ක් දැකිය හැක.

  • 1.සොරොව්වේ ළිඳ ඇතුළට ජලය ගැනීම සඳහා එක් මගක්ද ජලය පිටට ගෙන යාම සඳහා එක්මගක්ද ජලය පිටට ගෙන යාමට එක් මගක්ද දැක්වේ.
  • 11.ඇතුළට ජලය ගැනීමට ඇළ මාර්ග 02න්ද ,පිටාරය සඳහා ඇළ මාර්ග 02ක්ද
  • 111.ඇතුළට ජලය ගන්නා එක් මගක්ද පිටට ජලය ගන්නා මාර්ග 02ක්ද ඇති සොරොව්


source-wikipedia


ඔබ දන්නවාද??? මම මේ කියන්න හදන දේ අහල පුදුම වෙයි ඔයාල සමහරවිට විශ්වාස කරන්නෙත් නැතිවෙයි එහෙනම් අහන්නකෝ. මේකත් වැව් ගැනම තමා....ඔය අපි කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා..ඉස්සර එහේ ශුෂ්ක කලාපයට තමා අයිති වෙලා තියෙන්නේ..ඒ කියන්නේ වහින කාල වගේම නියං සමයනුත් තියෙනවා.ඒ උනාට කෘශිකර්මාන්තයට කියාපු පසනේ..

ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...

පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ ඔයාලටත් හිතාගන්න බෑ නේද???

ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....

කුරුස යුද්ධ (Crusades)


 
කුරුස යුද්ධ යනුවෙන් අදහස කරන්නේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් එකොළොස්වන සියවස අවසානයේ සිට දහතුන් වන සියවස පමණ දක්වා ඔවුන්ගේ ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදවා ගැනීම සඳහා කරන ලද සටන් මාලාවකි. යේසුතුමාගේ උපන් ස්ථානය හා සම්බන්ධ බැවින් ශුද්ධ භූමි ලෙස සැලකූ මෙම ප්‍රදේශ හත් වන සියවසේ දී පමණ අරාබි ජාතිකයන් අතට පත් වී තිබූ නමුත් ක්‍රිස්තු භක්තිකයන්ට ඒවා වන්දනා කිරීම සඳහා යෑමට අවසර තිබුණි. එකොළොස් වන සියවසේ දී පමණ සෙල්ජුක් තුර්කීන්, අබ්බසිඩ් කාලිෆ්වරයා පරාජය කර එම ප්‍රදේශ අල්ලාගෙන සුලු ආසියාව දෙසට සිය බලය ව්‍යාප්ත කිරීමට පටන් ගැනීමත් සමඟ පැවති තත්වය වෙනස්විය. ඔවුහු ක්‍රි. ව. 1071 දී නැගෙනහිර බෛසන්තියම් රෝම අධිරාජයා වූ රෝමනාස් පරාජය කර එම අධිරාජයාට අයත්ව පැවති අතිශය සරුසාර ප්‍රදේශයක් වූ ඇනටෝලියාව ජයගත් අතර ඊළඟ පියවර කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කිරීම බව පෙනෙන්නට තිබුණි.



පළමු වන කුරුස යුද්ධයට හේතු: අලුතින් ඉස්ලාම් ධර්මය වැළඳගත් ජන කොටසක් වූ සෙල්ජුක් තුර්කීහු ඔවුන් යටතේ පැවති ප්‍රදේශ වලට වන්දනා ගමන් ගිය ක්‍රිස්තු භක්තිකයන් කෙරෙහි විරුද්ධවාදී ආකල්පයක් දැරූහ. වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයන්ට හිංසා පීඩා කිරීම සහ ඇතැම් විට මරා දැමීම පිලිබඳ කථා නිරතුරුව අසන්නට ලැබීමත්, තම අධිරාජ්ය්යේ අගනුවරට තර්ජන එල්ල වී තිබීමත් නිසා බෛසන්තියම් අධිරාජ ඇලෙක්සිස් කොම්නෙනස්දෙවන අර්බන් පාප්තුමා ගෙන් අධාර ඉල්ලා සිටීමට සිදුවිය. ක්‍රිස්තු භක්තික වන්දනා කරුවන්ට මුහුණ දීමට සිදු වූ බව කියන ඉතා දුක්ඛිත සිද්ධි පිළිබඳ කථාන්තර ඇසීමෙන් පාප්තුමා මහත් කලබලයට පත් විය. එහෙයින් ශුද්ධ භූමි ආරක්ෂා කර ගැනීම සඳහා තුර්කිවරුන්ට එරෙහිව ක්‍රිස්තු යුරෝපය සටන් කළ යුතු බවට ඔහු කාහල නාද නැංවීය. මුස්ලිම්වරුන්ට එරෙහිව සටනට පැමිණෙන ලෙස පාප්තුමා කළ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් පල්ලියේ නිලදාරීන් සහ ප්‍රභූවරුන් රැසක් ප්‍රංශයේ ක්ලෙමොන්ට් නැමති ස්ථානයට රැස් වූ අතර එහි දී පාප්තුමා සටනට ආධාර දුන්නේය. ඔවුන්ට සවන් දුන් වැඩි දෙනා කුරුසයක් ද පැළඳ සටනට සූදානම් වු බැවින් එම සටන් කුරුස යුද්ධ ලෙස හැඳින්වේ. කුරුස යුද්ධවලට සහභාගී වන අයගේ පාපකර්ම වලට සමාව දීමටත්, ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර දීමටත්, පාප්තුමා පොරොන්දු වූ අතර ඔවුන් යුද්ධයේදී මිය ගියහොත් සදාකලික ස්වර්ගයට යන බව ද ප්‍රකාශ කර තිබුණි. ආගම වෙනුවෙන් සටන් කිරීමට සුදුසු මෙන්ම නුසුදුසු අයටද සටනට සම්බන්ධ වීමට එමඟින් අවස්ථාව සැලසුණි. ප්‍රභූවරු, වෙළෙන්දෝ, නයිට්වරු සමඟ මන්ද බුද්ධිකයෝ පමණක් නොව මං පහරන්නෝ ද තම තමන්ගේ ආත්මාර්ථකාමී අපේක්ෂා ඉටු කර ගැනීමේ අරමුණු ඇතිව සටනට සම්බන්ධ වූහ.


පළමු වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1096 - 1099)



පාප්තුමගේ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් ගැහැනුන්, පිරිමින් සහ ලමයින්ගෙන් සමන්විත 10,000ක පමණ පිරිසක් පූජකවරයකු වූ හර්මිට් හි පීටර් සහ නයිට්වරයකු වූ වෝල්ටර් පෙනිලාස් යන දෙදෙනාගේ නායකත්වය යටතේ ජෙරුසලම දෙසට ගමන් කළහ. මනාව ආයුධ සන්නද්ධ නොවීම සහ අහාර පාන හිඟවීම යන කරුණු නිසා කිව නොහැකි තරම් දුෂ්කරතාවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. ඔවුන් අතරින් බොහෝ දෙනා අතර මග දී මිය ගිය අතර ඉතිරි අය තුර්කිවරුන් අතින් මැරුම් කෑහ. කෙසේ වුවද භටයන් 30,000කින් පමණ සමන්විත යුද්ධ හමුදාවක් බලවත් ප්‍රභූන්ගේ නායකත්වය යටතේ ගොඩබිම සහ මුහුදු මාර්ග ඔස්සේ ශුද්ධ භූමි දෙසට ඇදී ගියහ. කොන්ස්තන්තිනෝපලයට එක් රැස් වූ ඔවුහු ප්‍රතිසංවිධානය වී සමුද්‍ර සන්ධිය හරහා ගොස් තුර්කිවරුන්ට පහර දුන්හ. දරුණු සටනකින් පසුව ක්‍රි. ව. 1099 දී ජෙරුසලම ජය ගැනීමට ඔවුහු සමත් වූහ. අනතුරුව ඔවුහු ජෙරිස් බොයිලන් යටතේ ජෙරුසලමේ වැඩවසම් ලතින් රාජ්‍යයක් ගොඩ නැඟූහ. තුර්කිවරුන්ගෙන් එම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධමය මුහුණුවරක් ගත් ආගමික සංවිධාන කීපයක් පිහිට වූ අතර ක්‍රි. ව. 1187 තෙක් එය තමා සතුව තබා ගැනීමට ක්‍රිස්තු භක්තිකයයෝ සමත් වූහ.

දෙවන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1147 - 49)



ක්‍රිස්තු භක්තිකයන් ඔවු නොවුන් අතර සටන් කිරීමට පටන් ගත් බැවින් ඔවුන් අතර පැවති අසමගිය තුර්කිවරුන්ටද පැහැදිලි විය. එයින් ප්‍රයෝජන ගත් තුර්කිවරු ක්‍රි. ව. 1144 දී ක්‍රිස්තු භක්තිකයන්ගේ අතිශය වැදගත් මධ්‍යස්ථානයක් වූ එඩෙස්සා අල්ලා ගත්හ. ක්‍රිස්තු භක්තිකයෝ එයින් තැති ගැනීමට පත් වූහ. තුන්වන එවුජින් පාප්තුමා විසින් දෙවන කුරුස යුද්ධයකට ඔවුන් කැඳවන ලදි. ශුද්ධ රෝම අධිරාජයා වූ තුන් වන කොනරෝඩ්, ප්‍රංශයේ හත් වන ලුවී යන අය එම දෙවන කුරුස යුද්ධයේ නායකත්වය දැරූහ. එහෙත් එඩෙස්සා අපසු ලබා ගැනීමට ඔවුහු අසමත් වූහ. එම සටනට ජර්මනියෙන් සහ ප්‍රංශයෙන් සහභාගී ක්‍රිස්තු භක්තිකයන් ඔවුනොවුන් අතර සටන් වැදුණු බැවින් ඔවුන්ගේ අපේක්ෂිත අරමුණ ඉටු කර ගත් නොහැකි විය. තුර්කිවරු සෙමින් සෙමින් ඉදිරියට ගමන් කළ අතර ක්‍රිස්තු භක්තිකයන්ගේ මධ්‍යස්ථාන එකින් එක ඔවුන් අතට පත් විය. ශ්‍රේෂ්ඨ තුර්කි අධිරාජ‍යකු වූ සැලඩින් ක්‍රි. ව. 1187 දී ජෙරුසලම ද යළි දිනා ගැනීමට සමත් විය. ඔහු මැද පෙරදිග සහ බටහිර ආසියාවේ සිටි සියලුම මුස්ලිම්වරුන් එක්සත් කළ් ඊජීප්තුවේ සිටි බුද්ධිමත් අධිරාජයකු විය.
 
තුන්වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1189 - 1191)




ජෙරුස්ලම අහිමි වීම බටහිර ක්‍රිස්තු රාජ්‍යයට වැදුණු අතිශය ප්‍රබල පහරක් විය. එමඟින් තෙවන කුරුස යුද්ධය ආරම්භ විය. යුරෝපයේ සිටි ප්‍රබල රජවරු කීපදෙනෙකු මෙන්ම ඔවුන්ගේ පොදු සතුරා වූ තුර්කි අධිරජ සැලඩින් ද සටන් වැදුණු බැවින් තුන්වන කුරුස ‍යුද්ධය ඉතා වැදගත් කොට සලකනු ලැබේ. එංගලන්තයේ පළමු වන රිචඩ්, ප්‍රංශයේ පිලිප් ඔගස්ටස් යන රජවරු ද ජර්මනියේ ශුද්ධ රෝම අධිරාජයා වූ ප්‍රෙඩ්‍රික් බාබරෝසා ද සටනට සහභාගී වූ නමුත් ඔවුහු එකිනෙකා නොරිස්සූහ. ප්‍රෙඩ්‍රික් බාබරෝසා සුලු ආසියාවේ ගඟක් තරණය කිරීමේ දී එහි වැටී මිය ගියේය. ප්‍රංශයේ පිලිප් ඔගස්ටස් රජු එංගලන්තයේ රිචඩ් රජු සමඟ දබර වී සිය හමුදාව ද රැගෙන ආපසු ගියේය. එහෙයින් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඉති වූයේ එංගලන්තයේ රිචඩ් රජු සහ ඔහුගේ පිරිස පමණි. මුහුදු බඩ ප්‍රදේශ කිහිපයක් දිනා ගැනීමට ඔවුහු සමත් වූ නමුත් සැලඩින් අධිරාජයා ඉතා දක්ෂ ලෙස රැකවල් කොට තිබූ ජෙරුසලම අල්ලා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. රිචඩ් රජු ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ වලින් පැහැදුණ සැලඩින් අධිරාජයා ඔහු සමඟ ගිවිසුමකට එළඹීමට කැමති වූ අතර එමගින් ශුද්ධ භූමි වන්දනා කිරීම සඳහා ක්‍රිස්තු භක්තිකයන්ට අවසර දීමට එකඟ විය.



සිවු වන කුරුස යුද්ධය (ක්‍රි. ව 1202 - 04)




ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් බේරා ගැනීම සඳහා තවත් කුරුස යුද්ධයකට සහභාගී වන ලෙස තුන්වන ඉනසන්ට් පාප්තුමා ක්‍රි. ව. 1202 දී ආයාචනයක් කළේය. අවාසනාවකට මෙන් කුරුස යුද්ධයේ දී ක්‍රිස්තු භක්තිකයන් මුස්ලිම්වරුන්ට විරුද්ධව නොව ඔවුනොවුන් අතරම සටන් වැදුණු බැවින් මෙය ක්‍රිස්තු භක්තිකයන්ට අති මහත් අපකීර්තියක් ගෙන දුන් සටනක් විය. වෙනීසියේ ඩෝජ්වරයා වූ එන්රිකෝ ඩැන්ඩොලෝ නැමැත්තාගේ පෙළෙඹවීම් වලට සහ ඔවුනගේ දුෂ්ට සැලසුම් වලට ගොදුරු වූ ඔවුහු වෙනීසියේ වෙළඳ සතුරන් වූ සාරා සහ කොන්ස්තන්තිනෝපලය යන මධ්‍යස්ථාන කොල්ල කෑවෝය. එහෙයින් ඔවුන් තමන් වෙත පැවරී තිබූ කර්ය ඉටු කිරීමට අපොහොසත් වූවා පමණක් නොව මුළු ක්‍රිස්තු ලෝකයට ම අපකීර්තියක් ගෙන දීමට ද මේ යුද්ධය හේතු විය.
 
පස් වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1213 - 1221)



පස් වන කුරුස යුද්ධයේ මූලිකම අරමුණ වූයේ කලින් තිබූ යුද්ධ වලදී ලබා ගැනීමට නොහැකි වූ ජෙරුසලම යළි ලබා ගැනීම සහ සටන් වලදී අහිමි වූ ශුද්ධ භූමි යළි ලබා ගැනීමය. මේ සඳහා මුලින්ම ඉතා බලවත් නගරයක් වූ ඊජීප්තුවේ අයූබීද් නගරය අත්පත් කර ගැනීමට ඔවුහු සමත් වූහ. 
 
තුන්වන ඉනසන්ට් පාප්තුමා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ තුන්වන හොනෝරියස් පාප්තුමා පස්වන කුරුස යුද්ධය සඳහා සේනාව කැඳවන ලදි. එයට ප්‍රතිචාර වශයෙන් හන්ගේරියාවේ දෙවන ඇන්ඩෲ රජු සහ ඔස්ට්‍රියාවේ හයවන ලියෝපෝල්ඩ් ඩියුක්වරයා ජෙරුසලම ආක්‍රමණය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යයර්ථ විය. පසුව ක්‍රි. ව. 1218 දී ජර්මන් ජාතික කොලෝන් හි ඔලිවර් සහ නෙදර්ලන්තයේ පළමු වන විලියම් කවුන්ට්වරයා, ෆ්රීසියන්, නෙදර්ලන්ත,ජර්මන් සහ ෆ්ලෙමිෂ් වරුන්ගෙන් සමන්විත හමුදාවක් ඊජීප්තුවේ ඩැමියේටා නගරය ආක්‍රමණය කිරීම සඳහා ගියහ. ඔවුන් ඇනටෝලියාවේ දී තමාගේ හමුදාවන් බේරා ගැනීමට අයූබීද්වරුන් සමඟ සටන් කරමින් සිටි රූම් හි සෙල්ජුක් සුල්තාන්වරයා සමඟ එක් වූහ.
 
ඩැමියේටා වරාය අල්ලාගත් පසුව, ක්‍රි. ව. 1221 දී ඔව්හු කයිරෝ දෙසට ගමන් ඇරඹූහ. එහෙත් ඔවුන්ගේ සම්පත් ක්ෂය වීමට පටන් ගත් හෙයින් ඔවුන්ට පසු බැසීමට සිදුවිය. ඊජීප්තු සුල්තාන් අල් කමිල් රාත්‍රී කාලයේ සිදු කළ දරුණු පහර දීමක් නිසා ඔවුනට ඔවුන්ගේ හමුදාව අහිමි වුවා පමණක් නොව අවසානයේ දී සුල්තාන්වරයාට යටත් වීමට ද සිදුවිය.


කුරුස යුද්ධ වල යහපත් හා අයහපත් ප්‍රතිඵල:
  • බෛසන්තියම් අධිරජ්‍යයේ වැදගත්කම මෙන්ම බලය ද ක්‍රමයෙන් පිරිහීම ආරම්භ වූ අතර ක්‍රි. ව. 1453 දී අහි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය තුර්කිවරුන්ට යටත් විය
  • කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා රටවලට වඩා දියුණු ශිෂ්ටාචාරයක් පැවති පෙරදිග රටවල් සමඟ සම්බන්ධ වීමට යුරෝපා ජාතිකයන්ට අවස්ථාව ලැබුණු අතර එමඟින් ඔවුහු අලුත් අදහස් හා සැලසුම් යුරෝපයට ගෙන ගියහ.
  • කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා ජාතිකයෝ පෙරදිග නිෂ්පාදිත භාණ්ඩ යුරෝපයට ගෙන ගිය අතර ඔවුහු එවා යුරෝපයේ ප්‍රචාරය කළහ.

කුරුස යුද්ධවල වැද්ගත්ම ප්‍රතිඵලය වූයේ වැඩවසම් ක්‍රමයේ පරිහනිය යි. මේ නිසා ජාතික රාජ්‍ය වර්ධනය වූ අතර ප්‍රභූන් ගේ ඉඩම් වල අඩවහල් තත්වයෙන් සිටි ප්‍රවේණිදාසයන් නිදහස් වී නගර වලට සංක්‍රමණය වීමට පටන් ගත්හ.

පාප් තනතුරේ ප්‍රගතියක් මෙන්ම පරිහානියක් ද කුරුස යුද්ධ නිසා සිදුවිය. පෙරදිග සංස්කෘතියේ බලපෑම යටතේ ඇතැම් අය පාප්තුමා වැරදි නොකරන බවට තිබූ පිළිගැනීම ප්‍රශ්න කරන්නට වූහ.



මේ අනුව බලන විට යුරෝපයේ මධ්‍යකලීන ජීවන රටාව වෙනස් කිරීම ඉක්මන් කරවීමට කුරුස යුද්ධ බෙහෙවින් බලපා ඇත. 

මම,
(දයාබර සර්)